වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ පුද්ගලයෙකුට වැඩ වරදියි (වීඩියෝ)
සිමෙන්ති තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ නිරත වූ බව කියන ගොඩනැගිලි අලෙවි හිමියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඊයේ (21)පියවර ගත්තා.
එම නිලධාරීන් පැවැසුවේ රුපියල් 1375 කට මිල නියම වී ඇති සිමෙන්ති කොට්ටයක් මේ පුද්ගලයා රුපියල් 1875 කට අලෙවි කර ඇති බවයි.
පාරිභෝගික සේවා අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රිස් නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරක් මත ඊයේ (21) තංගල්ල, සිටිනාමළුව ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක වැටලීමක් සිදු කළා.
එහිදී වැඩි මිලට අලෙවි කිරීමට සඟවා තැබූ බව කියන සිමෙන්ති තොගයක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණා.
අදාළ සිමෙන්ති තොගය ඊයේ සිය භාරයට ගත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත්තේ අදාළ
ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවැරීමටයි.
මෙසේ සිමෙන්ති තොග සඟවාගෙන තිඛෙන අනෙකුත් ස්ථාන ද වැටලීමට පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැවැසුවා.