පාකිස්ථාන හමුදා සීරුවෙන්
හමුදාව,පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට පාකිස්ථානය පියවර ගෙන තිබෙනවා.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් සඳහන් කරන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම අවධානයෙන් පසුවන ලෙස සියලුම ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇති බවයි.
මෙම නියෝගය නිකුත් කිරීමට හේතුව පසුගියදා ලාහෝර්හි අනර්කලී ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමයි.
මෙහිදී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් 26දෙනෙකු පමණ තුවාල ලැබුවා.
මේ වනවිට හෙළිවී ඇත්තේ හඳුනානොගත් පුද්ගලයකු විසින් තැබූ කිලෝග්‍රෑම් 1.5 ක් පමණ බරැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝම්බයක් මෙම පිපිරීමට හේතුවී ඇති බවයි.
පසුගිය අගෝස්තු මාසයේ සිට ගතවූ කාලසීමාවේදී පාකිස්ථානයේ ත්‍රස්තවාදී ක්‍රියා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කරගැනීමෙන් පසු අසල්වැසි ඇෆ්ගනිස්තානයේ ද මෙම තත්ත්වය මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.