ශිෂ්‍යත්ව විභාග අක්‍රමිකතා සහ අතපසුවීම් ගැන විමර්ශනයට විශේෂ කණ්ඩායම් දෙකක් (වීඩියෝ)
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන කිහිපයක දී අක්‍රමිකතා හා අතපසුවීම් සිදුව ඇතැයි කියන සිද්ධින් සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසනවා.
ඔහු පවසන්නේ සිසුන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඔවුන්ට සාධාරණය කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
මේ අතර, විභාග අක්‍රමිකතාවයක් පිළිබඳව ගාල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව ගාල්ල පොලිසිය ද අධ්‍යාපන අමාත්‍යාංශයට කරුණු වාර්තා කර තිබෙනවා.
පසුගිය වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 3051 කදී ඊයේ (22) පැවැත්වුණා.
එම විභාග මධ්‍යස්ථා අතරින් කිහිපයක අක්‍රමිකතා සහ අතපසුවීම් ගණනාවක් සිදු වූ බවට චෝදනා එල්ල වුණා.