මහවැලි ගඟේ ආරක‍ෂණ ප්‍රදේශයක සිදුවන පරිසර හානියක් පිළිබඳව සොයා බැලීමට පරිසර ඇමති යයි (වීඩියෝ)

මහවැලි ගඟේ ආරක‍ෂණ ප්‍රදේශයක සිදුවන පරිසර හානියක් පිළිබඳව සොයා බැලීමට පරිසර ඇමති යයි (වීඩියෝ)

මහවැලි ගංගාවේ මහනුවර වරාතැන්න ආශ්‍රිත පාරිසරික ආරක‍ෂණ ප්‍රදේශයේ සිදුවන බව කියන පරිසර හානියක් පිළිබඳව සොයා බැලීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි පැමිණියා.

එහි ඉදිකිරීම් සිදු කළ පාර්ශ්වය සහ අමාත්‍යවරයා ඇතුළු පිරිස අතර උණුසුම් කතාබහක් ද මෙහිදී ඇති වුණා.

මහවැලි ගංගාවේ පදුම සහ පලල්ම ස්ථාන පිහිටා ඇත්තේ මහනුවර වරාතැන්න හක්කිඳ පාරිසරික ආරක‍ෂණ ප්‍රදේශයේ.

මෙම වටිනා පරිසර පද්ධතිය විනාශ කරමින් එහි අනවසර ඉදිකිරීම් කිහිපයක් සිදු කර ඇති බවිටයි අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා ඇතුළු පිරිසක් පැමිණිලි කර තිබුණේ.

මේ පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා යන මහත්වරුන් එම ප්‍රදේශයේ නිරීක‍ෂණ චාරිකාවක එක් වුණා.

ජනතාව වගකිවයුතු නිලධාරීන්ට චෝදනා නගන පසුබිමක පරිසර සංරක‍ෂණය සඳහා වගකීම් පැවරී ඇති ආයතනවල නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට කරුණු පෙන්වා දුන්නා.

Share This