චීනයේ ගුවන් තහනමට ඇමරිකාවෙනුත් ප්‍රතිචාර

චීනයේ ගුවන් තහනමට ඇමරිකාවෙනුත් ප්‍රතිචාර

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාපෘතියත් සමග චීනය විසින් ඇමරිකාවේ සිට පැමිණෙන මගී ගුවන් යානා සඳහා සීමා පැනවීමට එරෙහිව ඇමරිකාව ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව , චීනයේ සිට පැමිණෙන එරට ගුවන් සේවාවලට අයත් මගී ගුවන් යානා 44 ක් නවතා දැමීමටයි ඇමරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

චීනයේ නගර පහක සිට ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් සහ නිව්යෝර්ක් දක්වා ජනවාරි 30 සිට මාර්තු 29 දක්වා මෙම ගුවන්යානා පැමිණිමට නියමිතව තිබූ බව සඳහන්.

චීනය විසින් පසුගිය දිනවල ඇමරිකාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට එරෙහිව දැඩි සීමා පැනවූ අතර නිතර කොරෝනා ආසාදිතයන් රැගෙන ඒම වාර්තා වූ ඇමරිකානු ගුවන් සේවාවලට එරෙහිව තහනම් ද ක්‍රියාත්මක කළා.

ගතවූ සති කිහිපය තුළ ඇමරිකාවේ සිට චීනය බලා පැමිණීමට නියමිතව තිබූ ඩෙල්ටා ගුවන් සේවයේ යානා 14 ක් එහිදී තහනමට ලක්වූ බව සඳහන්.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ චීනයේ මෙම ක්‍රියාමාර්ගවලට එකට එක කිරීමක් ලෙස ඇමරිකාව මෙම තීරණය ගෙන ඇති බවයි.

Share This