බුර්කිනා ෆාසෝ ජනපති එරට කැරලිකාර සොල්දාදුවන් යටතට
බුර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා එරට හමුදාව විසින් රඳවා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, එරට රජය හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ යෝජනා හෝ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවට යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා
බුර්කිනා ෆාසෝ ජනාධිපති Roch Kabore කැරලිකාර සොල්දාදුවන් විසින් හමුදා කඳවුරක රඳවාගෙන සිටි බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔවාගඩෝගු අගනුවර ඔහුගේ නිවස වටා දැඩි වෙඩි තැබීමකින් පසු බුර්කිනා ෆාසෝ ජනාධිපති රොච් කබෝර් කැරලිකාර සොල්දාදුවන් විසින් හමුදා කඳවුරක රඳවාගෙන සිටින බව ආරක්ෂක ආරංචි මාර්ග සහ බටහිර අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ප්‍රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.