එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයින්ට කෙන්යාවට ඇතුළු වීමට අවසර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයින්ට කෙන්යාවට ඇතුළු වීමට අවසර

නැගෙනහිර අප්‍රිකාව පැමිණෙන සියලුම ගුවන් ගමන් සඳහා වූ තහනම ඉවත් කිරීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයින්ට කෙන්යාවට ඇතුළු වීමට අවසර ලබා දී තිබෙනවා.

කෙන්යාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ (KCAA) අධ්‍යක්ෂ ජනරාල් ගිල්බට් කිබේ පවසා තිබෙන්නේ  සඳුදා(24) රාත්‍රියේ මෙම තහනම ඉවත් කළ බවයි.

කෙන්යාව ජනවාරි 10 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සියලුම මගී ගුවන් ගමන් අත්හිටුවා තිබුණා.

මෙම තහනම භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන්වලට බලපා තිබුණේ නැහැ.

කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තවමත් කෙන්යානු ගුවන් ගමන් සඳහා පනවා ඇති තහනම ඉවත් කර නොමැති බවයි පැවසෙන්නේ.

 

Share This