27 වනදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ (වීඩියෝ)

27 වනදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ (වීඩියෝ)

මේ මස 27 වනදා තෙක් විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

පවත්නා ඉන්ධන තොග හා ඒ්වා බලාගාරවලට ලබාදීය හැකි දිනයන් පිළිබඳ තොරතුරු ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා ඇති බවත්, ලබන 27 වනදා නැවතත් විදුලි කප්පාදු යෝජනාව පිළිබඳ සමාලෝචනයක් සිදු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මේ මස අග වන විට බොර තෙල් තොගයක් මෙරටට ලැබීමට නියමිත අතර පිරිපහදු කටයුතු ඇරඹීමෙන් අනතුරුව දැවි තෙල් හා නැෆ්තා ඉන්ධන මඟින් ජනන කටයුතු කරන බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරනු ඇති බවයි සභාපති පැවසුවේ.

එමෙන්ම අලුත්වැඩියා කෙරෙමින් පවතින නොරෝච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය මේ මස අවසානයට පෙර නැවත විදුලි ජනනය ආරම්භ කිරීමට ද නියමිත අතර ඒ අනුව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශ්වාසය පළ කරනවා.

 

Share This