කොවිඩ් රෝග නිරෝධායන උපදෙස් සංශෝධනය විය යුතුයි

කොවිඩ් රෝග නිරෝධායන උපදෙස් සංශෝධනය විය යුතුයි

දැනට ක්‍රියාත්මක කොවිඩ් රෝග නිරෝධායන උපදෙස් සංශෝධනය විය යුතු යැයි විශේෂඥ වෛද්‍යවරු පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඒ  අනුව  එන්නත්  මාත්‍රා  තුනම  ගත්  පුද්ගලයන්ගේ  ආශ්‍රිතයකු  කොවිඩ්  ආසාදනයට ලක්වුවහොත් නිරෝධායනය වන ආකාරය සඳහා නව උපදෙස් මාලාවක් සකස් කළ යුතුව ඇතැයිද ඔවුහු සඳහන් කරනවා.

එන්නත් මාත්‍රා තුනම ගත් අය තම ආශ්‍රිතයා ආසාදනයට ලක් වී දින තුනකට පසුව සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවෙන් ආසාදනය වී නැති බව තහවුරු වුවහොත් තවදුරටත් නිරෝධායනය විය යුතු නැතැයිද ඔවුහු සඳහන් කරනවා.

කෙසේවෙතත් ඔවුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සමාජයේ  හැසිරිය යුතු බවද  මුව ආවරණ නිසි ලෙස පැළඳ සිටීම අනිවාර්ය බවද සඳහන් කරනවා.

එසේම දැනට ශීඝ්‍රයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් ඔමික්‍රොන් ප්‍රභේදය වැළඳුණු පුද්ගලයින් දැයි කියා පරීක්‍ෂා කළ යුතුව ඇතැයි ද පවසා සිටින අතර එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති සිය දෙනාට තෙවැනි  එන්නත්  මාත්‍රාව  හෙවත්  බූස්ටරය  ලබාදීමට  කඩිනමින් පියවර ගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් කරනවා.

 

Share This