බස්රථවලට අද සිට දැඩි නීති

බස්රථවලට අද සිට දැඩි නීති

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස්රථවලට එරෙහිව අද (26 ) සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මගීන් අධික ලෙස නංවාගෙන  ඊයේ (25)  කොළඹ  අවට ධාවනයේ  යෙදුණු  බස්රථ  සොයා විශේෂ  මෙහෙයුමක්  ක්‍රියාත්මක  කළ  බවද ඔහු සඳහන් කරනවා

එම මෙහෙයුම ඊයේ(25) පෙරවරු 6.30 සිට 9.30 දක්වා කාලය තුළ  වැල්ලවත්ත  මයුර  කෝවිල  අසල,  නව  කැලණි  පාලම  අසල, දෙහිවල රාමක්‍රිෂ්ණා හන්දිය අසල, දේවිබාලිකා විදුහල අසල, රාජගිරිය ආයුර්වේද විදුහල අසලදී සිදුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස්  මාධ්‍ය  ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ  බස්රථවල  මගීන්  අධික  ලෙස  පටවාගෙන  යන  බස්රථ  සම්බන්ධයෙන්  අද(26)  සිට  නීතිමය   ක්‍රියාමාර්ග  ගන්නා බවත්

කොවිඩ්  ව්‍යාප්තිය  පාලනය  කිරීමේ  අරමුණින්  මේ  දේ  කරන බවත්ය.

එමෙන්ම සියළුම  බස්රථ සේවක මහත්වරුන්ගෙන් තමන්ගේ බස් රථයේ ආසන ගණනට විතරක් මගීන් ගෙනියන්න  කියලා ඉල්ලා සිටින බවත් සඳහන් කරනවා

කෙසේවෙතත් මගී  ජනතාවටත්  වගකීමක්  තියෙනවා  බස්රථයේ  වාඩිවෙලා  යන්න  ආසන  නැත්නම්  වෙනත්  බසයක යන්න යනුවෙනුත් පවසා සිටිනවා.

Share This