ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයින් යළිත් ඉහළට -දෛනික මරණ සංඛ්‍යාවත් 2,000 ඉක්මවයි
කොවිඩ්වලින් දිනකට මියයන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව ඩෙල්ටා ප්‍රභේදය පැතිරුණ උච්චතම අවස්ථාවේ දී මෙන් ඉහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ එක්සත් ජනපදයේ දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයින් 2,000කට අධික සංඛ්‍යාවක් වෛරසයෙන් මිය යන බවයි.
දළ වශයෙන් මෙය පසුගිය මස සැප්තැම්බර් අග දී දක්නට ලැබෙන මරණවලට සමාන බවයි පැවසෙන්නේ.
මියගිය අයගෙන් විශාල කොටසක් වයස අවුරුදු 65 ට වැඩි හෝ එන්නත් නොකළ අය බවද සඳහන්.
අද වන විට, එක්සත් ජනපදයේ කොවිඩ්-19 හේතුවෙන් පුද්ගලයින් 866,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම දිනක වාර්තාවන ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබෙන බවත් ගත වූ පැය 24තුළ ආසාදිතයින් 443,072 ක් වාර්තා වී තිබෙන බවත් සඳහන්.