වනෝද්‍යානයකදී අලියෙක් විසින් පාගා මරා දැමූ සෞදි ජාතිකයා

වනෝද්‍යානයකදී අලියෙක් විසින් පාගා මරා දැමූ සෞදි ජාතිකයා

උගන්ඩාවේ ජාතික වනෝද්‍යානයකදී සංචාරකයෙකු තමන් ගමන් ගත් මෝටර් රථයෙන් බැස සිටියදී අලියෙකු විසින් පාගා මරා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෞදි ජාතිකයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි පැවසෙන්නේ.

මියගිය සෞදි ජාතිකයා යහළුවන් සමඟ මර්චිසන් දිය ඇල්ල නැරඹීමට ජාතික වනෝද්‍යානය හරහා අරුවා නගරයට ළගා  වෙමින් සිටියදී ඔවුන් විවේක ගැනීමට නතර වී තිබෙනවා.

එවිට අලි රංචුවක් ඔවුන්ට පහර දී ඇති අතර රථයෙන් තවත් ඈතට දිව ගිය මෙම පුද්ගලයාට ආපසු යාමට නොහැකි වී ප්‍රහාරයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.

එරට උද්‍යාන බලධාරීන් මෙම සිද්ධිය තහවුරු කර ඇති අතර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි සඳහන් වන්නේ.

 

Share This