ආගමික අපහාසය නිසා පාකිස්ථානයේ දී 89ක් ඝාතනයට ලක්වෙලා !

ආගමික අපහාසය නිසා පාකිස්ථානයේ දී 89ක් ඝාතනයට ලක්වෙලා !

ආගමට අපහාස කිරීමේ චෝදනා මත පාකිස්ථානය බිහිවූ 1947 සිට 2021 දක්වා කාලය තුළදී පුද්ගලයන් 89 දෙනෙකු පමණ එරට තුළ දී නීතිවිරෝධී ලෙස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය ය පවසනවා.

සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 71 දෙනෙකු මෙළෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙම කාලසීමවේදී ආගමික අපහාසයට සම්බන්ධ සිදුවීම් 1415 ක් නිල වශයෙන් වාර්තා වී තිබෙන බව ද එම අධ්‍යයන කේන්ද්‍රය සඳහන් කරනවා.

සංඛ්‍යාලේඛන මෙසේ සඳහන් කළත් මෙම සිදුවීම්වලට අදාළ සැබෑ අගයන් ‍මීට වඩා බෙහෙවින් වැඩි බවයි අදාළ අධ්‍යයන කේන්ද්‍රය පවසන්නේ.

පාකිස්ථානය තුළ ආගමික අපහාසයට අදාළ නීති දැඩි ලෙස ක්‍රියාත්මක වන අතර එහි දරුණු ස්වභාවය අන්තර්ජාතික ප්‍රජාවේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

ඇතැම් අවස්ථාවලදී විවිධ පුද්ගලයන් මෙම නීතියට අදාළ සංකල්ප ඉදිරියට දමාගෙන නීතිවිරෝධි ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන ප්‍රියන්ත කුමාර පසුගියදා එරට දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූයේ ද එවැනි සිදුවීමක් හේතුවෙන්.

Share This