හොන්ඩුරාස්හි පළමු කාන්තා ජනාධිපතිවරිය දිවුරුම් දෙයි (VIDEO)
හොන්ඩුරාස් හි පළමු කාන්තා ජනාධිපති ලෙස Xiomara Castro දිවුරුම් දී තිබෙනවා
උත්සවය අමතමින් මෙම වාමාංශික නායිකාව කියා තිබෙන්නේ තමන් “බිඳුණු” රටක නායකත්වය ගන්නා බවයි
නමුත් සමාජ සාධාරණත්වය සහ විනිවිදභාවය ලුහුබැඳීමට පොරොන්දු වන බවත්ය.
62 හැවිරිදි කැස්ත්‍රෝ මහත්මිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි මැඩලීමට සහ දැඩි ගබ්සා නීති ලිහිල් කිරීමට පොරොන්දු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
තේගුසිගල්පා අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවයට දහස් සංඛ්‍යාත ජනතාවක් එක්ව සිටි බවයි පැවසෙන්නේ .
එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් සමාරම්භක අවස්ථාවට සහභාගී වූ විදේශ නිලධාරීන් අතර සිටි අයෙක් බවද සඳහන්.
මධ්‍යම ඇමරිකානු රටෙන් එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස සංක්‍රමණයට හේතු වී ඇති කාරණා සහ දූෂණය, දරිද්‍රතාවය සහ ප්රචණ්ඩත්වය වැනි දිගුකාලීන ගැටළු වලට එරෙහිව කැස්ත්‍රෝ මහත්මිය සටන් කරනු ඇතැයි බයිඩන් පරිපාලනය බලාපොරොත්තු වන බවද සඳහන්
හොන්ඩුරාස් තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන ලෝකයේ රටවල් කිහිපයෙන් එකක් වන බැවින් තායිවානයේ උප ජනාධිපති විලියම් ලායි ද උත්සවයට සහභාගී වී තිබෙනවා.