දරු දෙදෙනාත් මරා දිවි නසා ගත් විදෙස්ගත ලාංකිකයා (වීඩියෝ)
ඕස්ට්‍රෙලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඝාතනයට ලක්වී ඇති පිරිමි දරුවාගේ වයස අවුරුදු 6ක් සහ ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4ක් බවයි එම වාර්තා මගින් සඳහන් වුණේ.
පියා ද ඝාතනයන්ගෙන් අනතුරුව සියදිවි නසාගෙන තිබෙනවා.