ගැරඬිඇල්ලේ අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු හමුවේ  (වීඩියෝ)

ගැරඬිඇල්ලේ අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු හමුවේ (වීඩියෝ)

බණ්ඩාරවෙල – ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 20ත් 21ත් අතර වයස්වල පසු වූ තරුණියන් බවයි.

ඒ සමඟ ගැරඬිඇල්ලේ දියනෑමට ගොස් මියගිය සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (29) පස්වරුවේ අතුරුදන්වූ අයගෙන් එක අයකුගේ සිරුරක් සොයා ගැනුණා.

මෙහි දී පුද්ගලයින් 11 දෙනෙකු දියනෑමට ගොස් ඉන් පස්දෙනෙකු සැඩ ජල පහරකට හසුවී මෙම සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අතුරුදන් තවත් කාන්තාවක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

Share This