උතුරු කොරියානු, අභ්‍යවකාශ මිසයිල අත්හදා බැලීමේ ඡායාරූප මාධ්‍යයට
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය විසින් 2017 වසරෙන් පසු සිය විශාලතම මිසයිල දියත් කිරීමේ දී ලබාගත් ඡායාරූප මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
එම ඡායාරූපවල දැක්වෙන්නේ අභ්‍යවකාශයේ සිට පෙනෙන කොරියානු අර්ධද්වීපයේ කොටස් සහ අවට ප්‍රදේශ බවයි සඳහන් වන්නේ.
උතුරු කොරියාව පැවසුවේ මෙම බැලස්ටික් මිසයිලය Hwasong-12 බවයි.
උතුරු කොරියානු රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වන KCNA විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූප මිසයිලයේ පරීක්ෂණ යුධ ශීර්ෂයට සවි කර ඇති කැමරාවකින් ලබාගෙන ඇති බව වාර්තාවනවා
ජපාන සහ දකුණු කොරියානු බලධාරීන් ඇස්තමේන්තු කර ඇත්තේ මිසයිලය විනාඩි 30ක කාලයක් කිලෝමීටර 800ක දුරක් පියාසර කළ බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට බැලස්ටික් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් තහනම් කර ඇති අතර දැඩි සම්බාධක ද පනවා තිබෙනවා.
නමුත් නැගෙනහිර ආසියාතික රාජ්‍යය නිතිපතා තහනම ප්‍රතික්ෂේප කරන අතර නායක කිම් ජොන් උන් තම රටේ ආරක්ෂාව ශක්තිමත් කරන බවට ප්‍රතිඥා දී තිබෙන බව සඳහන්
එක්සත් ජනපදය මීට පෙර උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේ “තවදුරටත් අස්ථාවර ක්‍රියාවන්ගෙන් වළකින ලෙසයි”.