කෝටි 200 ඉක්ම වූ ආදායම් උපයන පුද්ගලයන්ට සහ සමාගම්වලට නව බද්දක්

කෝටි 200 ඉක්ම වූ ආදායම් උපයන පුද්ගලයන්ට සහ සමාගම්වලට නව බද්දක්

රුපියල් කෝටි 200 ඉක්මවූ ආදායම් උපයන පුද්ගලයන්ට සහ  සමාගම් මත නව බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක, වැවිලි ඇමැති රමේෂ් පතිරණ මහතා ඊයේ (01) සඳහන් කරනු ලැබුවා

2020/2021 තක්සේරු වර්ෂය සඳහා මේ අධිභාර බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළව 2022 අයවැය මඟින් යෝජනා වී තිබුණු අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අධිභාර බදු පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබෙනවා.

මේ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ  පළ කිරීමෙන් පසු  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතයි .

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා .

Share This