රන්ජන්ට හෙට නිදහස ‘ලැබෙනු ඇතැයි’ විපක්ෂ නායකට විශ්වාසයක්

රන්ජන්ට හෙට නිදහස ‘ලැබෙනු ඇතැයි’ විපක්ෂ නායකට විශ්වාසයක්

නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ යෑමෙන් අනතුරුවයි.

“කලාකරුවෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් එතුමා ඉටු කරමින් සිටියා. එතුමා ඉටු කරපු පොදුජන සේවාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් එතුමාගේ දීමනා, වැටුප්, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ලක්ම පොදුජන සේවාව උදෙසා කැප කරපු නායකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ දී පූර්ණ  නිදහස ලැබෙයි කියලා.

ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදියාගේ පූර්ණ නිදහස වෙනුවෙන් හෙට දින එතුමාව නිදහස් කරන්න කියා. මේ යෝජනාව මම කරන්නේ මිනිස් කම වෙනුවෙන්.” යැයි විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.

 

 

 

 

Share This