ෆයිසර් එන්නත ගන්න බයවෙන්න එපා -මහාචාර්ය චන්න ජයසුමන

ෆයිසර් එන්නත ගන්න බයවෙන්න එපා -මහාචාර්ය චන්න ජයසුමන

කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ලෝකයේ වැඩියෙන්ම භාවිත කළ ෆයිසර් එන්නත ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ බවත් එම එන්නත ලබාගැනීමට අනියත බියක් සකස් කර ගත යුතු නැති බවත් ඖෂධ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

සංචරණ සීමා පැනවිම හෝ එදිනෙදා කටයුතුවලට බාධා වන ආකාරයට පියවර ගැනීමට රජයේ බලාපොරොත්තුවක් නොමැති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

“සංචරණ සීමා පැනවිම හෝ එදිනෙදා කටයුතුවලට බාධාවන ආකාරයට පියවර ගැනීමට අපගේ බලාපොරොත්තුවක් නෑ.පැහැදිළි ලෙස අප කියන්නේ රට වසා දැමිමේ කිසිදු අරමුණක් මේ අවස්ථාවේ නෑ, එහෙම අවස්ථාවක් පැනනැගී  නෑ, මෙයින් ආරක්ෂාවිමට තියෙන්නේ බූස්ටර් එන්නත ලබා ගැනීම සහා මුව ආවරණ ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි.එයට අනුගතවනවා නම් මේ අභියෝගයෙන් ජයගන්නට හැකියි ” වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කර සිටිනවා

 

Share This