සංචාරකයන්ගේ කොවිඩ් රක්ෂණ ආවරණය රු.ලක්ෂ 10 සිට 15 දක්වා වැඩි කෙරේ

සංචාරකයන්ගේ කොවිඩ් රක්ෂණ ආවරණය රු.ලක්ෂ 10 සිට 15 දක්වා වැඩි කෙරේ

මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් ලබාගත යුතු කොවිඩ් රක්ෂණ ආවරණය රුපියල් ලක්ෂ 15 (ඇමෙරිකානු ඩොලර් 7,500) දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

සංචාරකයන් කොවිඩ් රක්ෂණය ලබාගැනීම අනිවාර්යය කර තිබෙන අතර මේ දක්වා එය රුපියල් ලක්ෂ 10 (අමෙරිකානු ඩොලර් 5,000) ක්ව පැවැති බවද එය ඩොලර් 7,500 දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවද සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන කරනවා.

 

Share This