ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් සමාජ මාධ්‍ය ජාල වාර්තාවක්
ලොව සිටින බොහෝ දෙනෙක් මේ වන විටත් කුමන හෝ සමාජ මාධ්‍ය ජාලයක ගිණුමක් හිමි පුද්ගලයෙකු වී අවසන්.
මෙවැනි තත්ත්වයක් තුළ ලොව සිටින ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දේශපාලනඥයි වැනි ලොව ජනප්‍රිය පුද්ගලයින් කටයුතු කරන්නේ සිය සමාජ මාධ්‍ය ජාල ගිණුම් හා ඒකරාශී වන අනුගාමිකයින් වැඩිකර ගැනීමයි.
එවැනි ලොව ජනප්‍රියතම ක්‍රීඩා තරුවක් වන පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට සමාජ මාධ්‍ය ජාලයකින් වාර්තාවක් පිහිටුවීමට මේ වනවිට හැකිව තිබෙනවා.
සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ඔහු මෙම වාර්තාව පිහිටුවීමටයි හැකිව ඇත්තේ.
ඒ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ අනුගාමික ග්‍රාහකයින් මිලියන 400 වෙත ළඟා වූ ලොව පළමු පුද්ගලයා බවට පත්වෙමින්.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම දැඩි ග්රාහක පරිශිලින ඉල්ලුමක් පවතින සමාජ මාධ්‍ය ගිණුම් අතර ප්රමුඛ තැනක් තැනක් මේ වනවිට හිමිකරගෙන තිබෙනවා.
මේ වනවිට ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම වටා සම්බන්ධ වී සිටින අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන 470කට ආසන්නයි.