පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට පාප් වහන්සේගේත් සහාය

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමට පාප් වහන්සේගේත් සහාය

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් සඳහා සාධාරණය ඉටුකිරීමට මෙරට කතෝලික පල්ලිය ගෙන යන සටනට සහාය ලබාදීමට පාප් වහන්සේ කැමැත්ත පළකර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහය ලබාදෙන ලෙස ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් පාප් වහන්සේට ලිපියක් මීට පෙර යවා තිබුණා.

ඒ අනුව මෙම ලිපියට සතුටුදායක ප‍්‍රතිචාර ලැබී ඇති බවයි සිරිල් ගාමිණී පියතුමා ප‍්‍රකාශ කර තිබෙන්නේ

කතෝලික පල්ලිය විපක්‍ෂයේ දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරන බවට නැගෙන චෝදනා පියතුමා ප‍්‍රතික්‍ෂෙප කර තිබෙනවා.

 

 

 

Share This