ඇමරිකානුවන්ට වහාම යුක්රේනයෙන් ඉවත්වන ලෙසට ජෝ බයිඩන්ගෙන් ඉල්ලීමක්
රුසියානු හමුදා ක්‍රියාමාර්ගවල වැඩිවන තර්ජන උපුටා දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ රැඳී සිටින සියලුම ඇමරිකානු පුරවැසියන්ගෙන් වහාම රට හැර යන ලෙස ඉල්ලා තිබෙනවා.
මොස්කව් යුක්රේනය ආක්‍රමණය කළහොත් ඇමරිකානුවන් බේරා ගැනීමට හමුදාව නොයවන බවද එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දේශසීමාවේ 100,000කට අධික භට පිරිසක් රැදී සිටියද යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු සැලසුමක් නැති බව පවසමින් රුසියාව නැවත නැවතත් එය ප්‍රතික්ෂේප කරනු ලබනවා.
නමුත් මේ වනවිට බෙලරුසියාව සමග රුසියාව දැවැන්ත හමුදා අභ්‍යාස ආරම්භ කර තිබෙනවා.