ලිතුවේනියාවෙන් චීනයට ගවමස් ආනයනය තහනම් කෙරේ
ලිතුවේනියාවෙන් ගවමස් ආනයනය කිරීම අත්හිටුවීමට චීනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එරට රේගු පරිපාලනය විසින් පසුගියදා නිකුත් කරන ලද ලියවිල්ලක් මගින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් වාර්තාවල සදහන්. වන්නේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ලිතුවේනියාව විසින් විල්නියස්හී තායිවාන නිල නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමට අවසර ලබාදීම චීනය සහ ලිතුවේනියාව අතර සබඳතා පිරිහී යාමට හේතු වී තිබෙනවා.
මේ පසුබිම තුළ ලිතුවේනියාවට එරෙහිව සම්බාධක පනවන බවට චීනය ප්‍රකාශ කළ අතර ඒ අනුව පෙබරවාරි 9 සිට ලිතුවේනියාවෙන් ගව මස් සඳහා ආනයන ප්‍රකාශ පිළිගැනීම අත්හිටුවා ඇති බව පැවසෙනවා.
ලෝකයේ විශාලතම ගව මස් ආනයනය කරන්නා චීනය වුවද චීන මාධ්‍ය වාර්තා කරන පරිදි ලිතුවේනියාවෙන් ගව මස් ආනයනය අත්හිටුවීම දේශීය වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල නොකරනු ඇති.