එක්සත් ජනපද-කැනඩා පාලම නැවත විවෘත වෙයි

එක්සත් ජනපද-කැනඩා පාලම නැවත විවෘත වෙයි

ඔටාවා නගරයේ ට්‍රක් රථ රියදුරන්  නලා නාද කරමින් දින ගණනාවක් පුරා විරෝධතා පැවැත්වූවා.

පොලිසිය විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසු එක්සත් ජනපද-කැනඩා පාලම නැවත විවෘත කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

දින හයක විරෝධතාවයකින් පසු ගමනාගමනය සඳහා මෙම මාර්ගය නැවත විවෘත කළ බවයි පැවසෙන්නේ

ඔටාවා නගරයේ ට්‍රක් රථ රියදුරන්  නලා නාද කරමින් පැවත්වූ විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් කැනඩාවේ අගනුවර වන ඔටාවාහි නගරාධිපතිවරයා හදිසි තත්ත්වයක් පසුගිය 07 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා

පසුව කැනඩාවේ ඔටාවා නගරයේ ට්‍රක් රථ රියදුරන්ට නලා නාද කිරීම නවත්වන ලෙසට වාරණ නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා

ට්‍රක් රථ 400ත් 500ත් අතර ප්‍රමාණයක ඝෝෂාකාරී හෝන් නාදය ප්‍රදේශවාසීන්ට සහ ව්‍යාපාරිකයන්ට දැඩිව බලපෑම් එල්ල කළ බවයි පැවසෙන්නේ.

එක්සත් ජනපද  ට්‍රක් රථ රියදුරන්ට එන්නත් කළ යුතුය යන නීතිවලට එරෙහිව මොවුන් රථ පෙළපාලියක් මෙලෙස පවත්වනු ලැබුවා

එමෙන්ම මේ වනවිට කැනඩාවේ සමහර ප්‍රදේශවල අවන්හල්, ව්‍යායාම් ශාලා සහ බාර් වැනි ගෘහස්ථ ස්ථානවලට ඇතුළු වීමට  එන්නත් කර ඇති බව පෙන්විය යුතු බවද සඳහන් වනවා.

Share This