රුසියාව පසුපසට – හමුදාවේ කොටසක් කැඳවයි
යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සොල්දාදුවන්ගෙන් කොටසක් හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බවයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රුපවාහිනී මාධ්‍ය මගින් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ දැනට පවත්වා ගෙන යන යුද අභ්‍යාස අවසන් වූ වහාම එම හමුදා භටයනුත් තමන් අයිති හමුදා සේනාංක වෙත පිටත් වන බවයි