ඉදිරි මාස 03 තුළ විදුලි කප්පාදුවක් නැහැ – මහජන උපයෝගීතා කොමිසම (වීඩියෝ)

ඉදිරි මාස 03 තුළ විදුලි කප්පාදුවක් නැහැ – මහජන උපයෝගීතා කොමිසම (වීඩියෝ)

ඉදිරි මාස තුන තුළ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොළඹ අද (15) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස සඳහා දෛනික විදුලි කප්පාදුවකට පසුගිය දා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබුණා.

ඒ සම්බන්ධයෙන් එකඟතත්වයකට පැමිණීමේ අරමුණින් ලංකා විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම එක්ව විශේෂ සාකච්ඡාවක් පසුගිය 12 වනදා පැවැත් වුණා.

අනතුරුව එහි ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අද (15) දිනයේ මාධ්‍ය දැනුවත් කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

Share This