ඉතාලියේදී ශ්‍රී ලාංකික පුතා තම මව මරා දමයි -තම සිරුරට ආරූඪ වී ඇති ඥාතියෙක් මැරූ බව කියයි

ඉතාලියේදී ශ්‍රී ලාංකික පුතා තම මව මරා දමයි -තම සිරුරට ආරූඪ වී ඇති ඥාතියෙක් මැරූ බව කියයි

ඉතාලියේ මිලානෝ හි පිහිටි සිය නිවස තුළදී  ශ්‍රී ලංකික කාන්තාවක් ඝාතනය කළේ යැයි කියන ඇගේ 25 හැවිරිදි පුත් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

පසුගිය 15 වැනිදා මෙම ඝාතනය සිදු කර ඇතැයි වාර්තා වනවා.

මෙසේ මරාදමා ඇත්තේ නාත්තණ්ඩිය මූදුකටුවේ පදිංචිව සිටි 54 හැවිරිදි මවක් බවයි පැවසෙන්නේ.

තමාගේ සිරුරට ආරූඪවී ඇති ඥාතියෙක් මව මරා දමා ඇති බව සැකකරු අවට අයට කෑගසා පවසා තිබෙනවා

සැකකාර පුතා මෙරට සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ දේවාලයකට සම්බන්ධ වී කටයුතු කර ඇති අතර පසුකාලයක සැකකරු තමාගේ සිරුරට භූතයකු ආරූඬවී ඇති බව කියා නිතිපතා නිවසේ පහනක් දල්වා එම භූතයාට බව කියමින් වැඳුම් පිඳුම් කර ඇති බව ද වාර්තා වනවා.

 

Share This