පූජිත් ජයසුන්දරත් නිදහස් (වීඩියෝ)
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවලින් නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) තීරණය කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබුණා.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ නඟා තිබූ සියලු චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) පෙරවරුවේ නියම කළා.