නවීකරණය කළ ගාල්ල ධර්මපාල උද්‍යානය ජනාධිපති අතින් ජනතා අයිතියට (වීඩියෝ)
නවීකරණය කෙරුණු ගාල්ල ධර්මපාල උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (17) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.
ගාල්ල ඓතිහාසික කොටු පවුර අභියස පිහිටා ඇති දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ‘ධර්මපාල උද්‍යානය’ නිසි නඩත්තුවක් නොමැති වීමෙන් විනාශයට පත් වෙමින් තිබූ බවයි පැවසෙන්නේ.
පසුව එය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ ගාල්ල මහ නගර සභාවේ ඉල්ලීම මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නවීකරණයට පියවර ගනු ලැබුවා.
අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක්, ආලෝකකරණ පහසුකම් සහිත එළිමහන් රංග ශාලාවක් ඇතුළුව උද්‍යානය නවීකරණයට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 200ක්.
උද්‍යානය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පැමිණ සිටි ජනතාව සමඟ කතාබහ කරමින් තොරතුරු විමසා බැලූ අතර එළිමහන් රංග පීඨයේදී ඉදිරිපත් කෙරුණු සංස්කෘතිකාංග නැරඹීමට ද එක් වුණා.
ධර්මපාල උද්‍යානයේ එක් කෙළවරක ඉදි කර ඇති විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශන හා තොරතුරු මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා.