යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව නිදහසට කරුණක් සොයයි
ඉදිරි දිනවලදී යුක්රේනය ආක්‍රමණය කිරීමට සහ ප්‍රහාරයක් දියත් කිරීමට රුසියාව නිදහසට කරුණක් සොයමින් සිටින බව එක්සත් ජනපදය පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ,මිලිටරි ක්‍රියාමාර්ග ඉක්මනින් ආරම්භ කළ හැකි නමුත් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සඳහා තවමත් හැකියාවක් පවතින බව අවධාරණය කර සිටිනවා.
මොස්කව් අවධාරණය කරන්නේ තමන් යුක්රේන දේශසීමාවෙන් හමුදා ඉවත් කරන නමුත් එම ප්‍රකාශය බටහිර රටවල බලවතුන් විසින් දැඩි ලෙස එය විවේචනය කර ඇති බවයි.
මෙලෙස හමුදාවන් ඉවත් කරන බව පවසමින් වැරදි මඟ පෙන්වීමක් කිරීම රුසියාවේ සැලසුම්වල කොටසක් බව එක්සත් ජනපදය සති ගණනාවක් තිස්සේ ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.
රුසියාව එවැනි පියවරක් සූදානම් කරමින් සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ප්‍රකාශ කර තිබෙන බවයි පැවසෙන්නේ.
මේ පිළිබඳව අනෙකුත් බටහිර නායකයන් විසින් ද සඳහන් කර ඇති අතර නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සන්නද්ධ ප්‍රහාරයක් සඳහා ඇති අවස්ථාවන් ගැන අනතුරු අඟවා තිබෙනවා.
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ලිස් ට්‍රස් සහ අගමැති බොරිස් ජොන්සන්ද මෙහෙයුමක් සැලසුම් කරන බවට චෝදනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
යුධ අභ්‍යාස නිමා කිරීමෙන් පසු තම සමහර සෙබළුන් දැන් නැවත සිය කඳවුරු වෙත පැමිණෙමින් සිටින බව රුසියාව පවසා තිබෙන බව පැවසුවත් එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල නිලධාරීන් පැවසුවේ තවත් දහස් ගණන් භට පිරිසක් පැමිණෙන අතර සැලකිය යුතු ඉවත්වීමක් පිලිබඳ සාක්ෂි නොමැති බවයි
ඔවුන් පවසන්නේ එම ප්‍රකාශය බුද්ධි අංශ මගින් පමණක් නොව, බහුලව පවතින චන්ද්‍රිකා ඡායාරූප මගින්ද තහවුරු වන බවයි.