බ්‍රසීලයේ ගංවතුර සහ නාය යෑමෙන් මිය ගිය ගණන 117ක් දක්වා ඉහළට -100කට වැඩි පිරිසක් අතුරුදන් (VIDEO)
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ප්‍රාන්තයේ පෙට්‍රොපොලිස් නගරයේ ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 117 දෙනෙකු මිය ගොස් තවත් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඊයේ (16) දිනයේද බ්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරය පුරා අනතුරු ඇඟවීම් නාද වූ අතර,තවත් තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
ගලවා ගැනීමේ මෙහෙයුම තාවකාලිකව නවතා දමා ඇති අතර තවත් විනාශයක් සිදුවේ යැයි බියෙන් ඇතැමුන් නගරයෙන් පලා යමින් සිටින බවයි පැවසෙන්නේ.
සම්පූර්ණයෙන්ම මඩෙන් වැසී ඇති නිසා දිවි ගලවා ගත් අය සොයා ගැනීම දුෂ්කර වනු ඇති බව ස්වේච්ඡා සේවක Luciano Goncalves පවසනවා
නමුත් සිරුරු පවුල් වෙත ආපසු ලබා දීමට අප අපගේ උපරිමය කිරීමට උත්සාහ දරන බවද ඔහු සඳහන් කරනවා.