උණ රෝගය වැළඳී ඇත්නම් පැය 24ක් තුළ ඔබ කළ යුතුම දේ

උණ රෝගය වැළඳී ඇත්නම් පැය 24ක් තුළ ඔබ කළ යුතුම දේ

කිසියම් පුද්ගලයකුට උණ රෝගය වැළඳී ඇත්නම් ඩෙංගු බවට සැක කර පැය 24ක් තුළදී රුධිර පරීක්ෂාවකට යොමු වීම වැදගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඩෙංගු රෝගය ශරීරගත වීමේ ලක්ෂණයක් වන ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා රුධිර පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ බැසීමක් සිදු වන බවත් උණ වැළඳුණු දිනයේම රුධිර පරීක්ෂාවක් කර ගැනීමෙන් ඩෙංගු ද යන්න සැක හැර දැන ගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ සඳහන් කරනවා.

මේ දිනයන්හි ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරනුයේ වෛරස් කාණ්ඩයේ ඇති වී තිබෙන වෙනසක් නිසා යැයි ද තහවුරු වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගත වූ මාස එක හමාරක කාලය තුළදී ඩෙංගු ආසාදිතයන් 9,765ක් වාර්තා වී ඇති අතර මේ මාසයේ ගත වූ දින 20 තුළදී රෝගීන් 2,063ක් වාර්තා වනවා.

ඩෙංගු ආසාදිතයන්ගෙන් 50%ක්ම අවුරුදු 35 ත් 50 ත් අතර වයස් කාණ්ඩයට අයත් වූවන් වන අතර 25%ක් දෙනා අවුරුදු 5 ත් 18 ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් බව ද ඔහු සඳහන් කරනවා

Share This