ඇස් සහ මුහුණ රතු වීමේ ලක්ෂණ ඇතිනම් එය “මිස්ක් ” විය හැකියි

ඇස් සහ මුහුණ රතු වීමේ ලක්ෂණ ඇතිනම් එය “මිස්ක් ” විය හැකියි

උණ සෑදී සුවපත්ව සතියක් පමණ ගත වන විටදී දරුවාගේ ඇස් සහ මුහුණ රතු වීමේ ලක්ෂණයක් මතුවන්නේ නම් එය මිස්ක් (MISC ) රෝග තත්ත්වය විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජේසූරිය මහතා පවසනවා.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

එවැනි රෝග ලක්ෂණ පෙන්වන දරුවන්ට වහාම ප්‍රතිකාර ලබා නොදුනහොත් රෝග තත්ත්වය උත්සන්නව දරුවාගේ හදවතට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවද ඒ මහතා සඳහන් කරනවා.

ඩෙල්ටා රෝගය පැතිර ගිය පසුගිය කාලයේදී මෙම රෝග තත්ත්වයට ගොදුරු වූ දරුවන් වැඩි වශයෙන් වාර්තා වුවද ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවද ඔහු සඳහන් කරනවා.

Share This