යුක්රේනය ගැන සාකච්ඡා කිරීමට ඇමරිකා සහ රුසියානු ජනපතිවරුන් සූදානම්
යුක්රේනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සමුළුවක් පැවැත්වීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ප්‍රංශය විසින් යෝජනා කරන ලද සාකච්ඡා පැවැත්වෙන්නේ රුසියාව තම අසල්වැසියා ආක්‍රමණය නොකළහොත් පමණක් බවද ධවල මන්දිරය පවසනවා
දශක කිහිපයකින් යුරෝපයේ ඇති වූ දරුණුතම ආරක්ෂක අර්බුදයකට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබා දීමට මෙම රැස්වීමට හැකි වන බවයි විශ්වාසය පළ කරන්නේ.
එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ රුසියාව මිලිටරි මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් බව බුද්ධි අංශ යෝජනා කරන බවත් මොස්කව් එය ප්‍රතික්ෂේප කරන බවත්ය.
මෙම යෝජනාව ප්‍රංශ ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ පුටින් මහතා අතර දුරකථන ඇමතුම් දෙකකින් පසුව වන අතර එය පැය තුනකට ආසන්න කාලයක් පැවතුන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
බයිඩන්ගේ පරිපාලනය ඇස්තමේන්තු කරන්නේ රුසියාව නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල බෙදුම්වාදී හමුදා ඇතුළුව යුක්රේනය වටා 190,000 සෙබළුන් රැස්කරගෙන ඇති බවයි.