බ්‍රසීලයේ ගංවතුරට ගොදුරු වූ නගරයේ මිය ගිය ගණන 171ක් දක්වා ඉහළට–120කට වැඩි පිරිසක් අතුරුදන් (VIDEO)

බ්‍රසීලයේ ගංවතුරට ගොදුරු වූ නගරයේ මිය ගිය ගණන 171ක් දක්වා ඉහළට–120කට වැඩි පිරිසක් අතුරුදන් (VIDEO)

බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ප‍්‍රාන්තයේ  පෙට්‍රොපොලිස් නගරයේ ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 171 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති අතර තවත් 120කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගංවතුර සහ මඩ නායයෑම්වලින් දින පහකට පසුව, බ්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරයේ සෝදිසි කිරීම් සහ පිරිසිදු කිරීමේ උත්සාහයන් අඛණ්ඩව පවතින බවයි වාර්තා වන්නේ.

වින්දිතයින් අතර අවම වශයෙන් ළමුන් සහ යෞවනයන් 27 දෙනෙකු සිටින අතර 120 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව බලධාරීහු පවසනවා.

නැවත නැවතත් ඇද හැලෙන වර්ෂාව හදිසි කණ්ඩායම්වල වැඩවලට බාධාවක් වී ඇති අතර බලධාරීන් පවසන්නේ කිසිවෙකු ජීවතුන් අතර සිටිනු ඇතැයි සිතිය නොහැකි බවයි.

පුද්ගලයන් 900ක් පමණ පාසල්වල සහ ආරක්ෂිත ස්ථානවල රඳවා සිටිනවා

සමහර  ප්‍රදේශවල ආයුධ සහ දම්වැල් භාවිතා කරමින් සෝදිසි කිරීම සිදු කෙරෙන අතර, කණ්ඩායම් සඳහා සුනඛයින් 41 දෙනෙකුගේ සහාය ලබා ගෙන ඇති බවද සඳහන්.

Share This