යුක්‍රේන -රුසියා අර්බුදය තෙල් මිලටත් බලපායි

යුක්‍රේන -රුසියා අර්බුදය තෙල් මිලටත් බලපායි

යුක්‍රේන -රුසියා අර්බුදය ලොව පුරා සැපයුම් දාම කඩාකප්පල් කරනු ඇතැයි යන බිය මත තෙල් මිල ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමෙන් පසු රුසියාව යුක්රේනයේ නැගෙනහිර කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ දෙකකට හමුදා අණදීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල වසර හතක ඉහළම අගය වූ ඩොලර් 97.44 දක්වා ළඟා වී තිබෙන බවයි සඳහන් වන්නේ.

එක්සත් රාජධානිය සහ බටහිර මිත්‍ර රටවල් කිහිපයක් රුසියාවට සම්බාධක පනවන බවට දැනුම් දී තිබෙනවා

රුසියාව ප්‍රකාශ කර තිබෙන්නේ තම හමුදා ස්වයං ප්‍රකාශිත ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් මහජන සමූහාන්ඩු වල “සාම සාධක” වල නිරත වන බවයි.

එහෙත් ඔවුන් සාම සාධක භටයන් ලෙස හැඳින්වීම “විහිළුවක් ” බවත්, රුසියාව යුද්ධය සඳහා සුදානමක  සිටින බවත් එක්සත් ජනපදය පවසා තිබෙනවා.

ෆිඩලිටි ඉන්ටර්නැෂනල් හි ආයෝජන අධ්‍යක්ෂ Maike Currie පවසා තිබෙන්නේ  යුක්‍රේන අර්බුදය, එක්සත් ජනපදයේ ශීත ඝෘතුව සහ ලොව පුරා තෙල් හා ගෑස් සැපයුම් සඳහා ආයෝජන නොමැතිකම හේතුවෙන් තෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවිය හැකි බවයි.

“ගෝලීය වශයෙන් පරිභෝජනය කරන සෑම තෙල් බැරල් 10 කින්ම එකක් රුසියාවට අයත් වන බවත් එබැවින් තෙල් මිල සම්බන්ධයෙන් එය ප්‍රධාන බවත් ඇය පවසනවා..

 

Share This