ඉස්ලාම් බහු විවාහ පනතට ගෙනා සංශෝධන කැබිනට්ටුවෙන් එළියට

ඉස්ලාම් බහු විවාහ පනතට ගෙනා සංශෝධන කැබිනට්ටුවෙන් එළියට

ඉස්ලාම් ආගමට අනුව බහු විවාහවලට මතු වී තිබෙන අර්බුද විසඳා ගැනීම සඳහා අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් බහු විවාහ පනත සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා

මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ගෙන් කළ විමසීමක් පිළිබඳව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

අලි සබ්රි මහතා පවසා සිටින්නේ  ලොව පුරා වෙසෙන ඉස්ලාම් ආගමිකයන්ට බහු විවාහ අවස්ථාව ලැබී තිබෙන බවයි.

නමුත් ශ්‍රී ලංකාවේ වෙසෙන ඇතැම් ඉස්ලාම් ආගමිකයන් අදාළ ආර්ථික කොන්දේසි සපුරා ගැනීමකින් තොරව බහු විවාහ සිදුකර ගන්නා නිසා සමාජයීය වශයෙන් ගැටළු රැසකට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කරනවා

විශේෂයෙන් මෙරට ඇතැම් මුස්ලිම් ජාතිකයන්ට නිසි ආදායමක්, වාසස්ථානයක්, දේපළ ආදිය නොමැතිවත් විවාහ කිහිපයක් කර ගැනීම නිසා මුස්ලිම් කාන්තාවන් දැඩි ආර්ථික මානසික පිඩාවන් විඳින බවයි ඒ මහතා සඳහන් කරන්නේ .

මේ නිසා බහු විවාහ පනත සංශෝධනය කර දෙපාර්ශ්වයට ම සාධාරණය ඉටු කිරීම සඳහා මෙම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට  යොමු කළ බවයි ඔහු පවසන්නේ .

සිංගප්පූරුව වැනි රටවල පුරුෂයාට හෝ කාන්තාවට අදාළ දේපළ තිබිය යුතු බවට කොන්දේසි දමා ඇතැයි ද  අලි සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This