වෙන හානි වැඩි වෙයි : සටන් විරාමයකට එන්න -යුක්‍රේන ජනපති රුසියාවට කියයි

වෙන හානි වැඩි වෙයි : සටන් විරාමයකට එන්න -යුක්‍රේන ජනපති රුසියාවට කියයි

යුක්‍රේනයේ ජනාධිපතිවරයා Volodymyr Zelensky සටන් විරාමයක් සඳහා රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම ආක්‍රමණය නැවැත්විය යුතු ආකාරය ගැන රුසියාවට ඉක්මනින් හෝ පසුව අප සමඟ කතා කිරීමට සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

සතුරුකම් අවසන් කරන්නේ කෙසේද යන සංවාදය ඉක්මනින් ආරම්භ වන තරමට රුසියාවට සිදුවන හානි අඩු වන බවද  යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා

එමෙන්ම ප්‍රහාර නවත්වන තුරු එතෙක් අපි යුක්‍රේනය ආරක්‍ෂා කරනවා යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

අගනුවර හැර යාමට තමාට කිසිදු අදහසක් නොමැති බවත් මේ වන විට රුසියාවේ අංක එකේ ඉලක්කය තමා බව දන්නා බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ

රුසියාව මීට පෙර කියා සිටියේ තමන් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල නොකරන බවයි

නමුත් මේ වනවිට රුසියාවේ ප්‍රහාර හමුදා සහ සිවිල් ස්ථාන දෙකම ඉලක්ක කර ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා තහවුරු කරනවා

Share This