රුසියාවේ, යුක්රේන ආක්‍රමණයට එරෙහිව ලොව රටවල් රැසක විරෝධතා (ඡයාරූප)
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළකරමින් මේ වනවිට ලොව පුරා රටවල් රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.
මෙම ආක්‍රමණයට එරෙහිව රුසියානු වැසියන් ද වීථි බැස විරෝධතාවල නිරතවීම විශේෂත්වයක්.
එමෙන්ම බ්‍රසීලය, මෙක්සිකෝව සහ ආජන්ටිනාවේ වෙසෙන යුක්රේනියානුවන් තම මව් රට රුසියානු ආක්‍රමණයට එරෙහිව විරෝධතා දැක්වීමට වීථි බැස ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුක්රේන ආක්‍රමණය හෙළා දැකීමට විරෝධතාකරුවන් ටෝකියෝ සහ නිව්යෝර්ක් නගරවල මහජන චතුරශ්රවලට සහ රුසියානු තානාපති කාර්යාල අසලට පැමිණ විරෝධතාවල නිරත වී තිබෙනවා.
එමෙන්ම ලන්ඩනයේ සහ පැරිසියේ දහස් ගණනක් පෙළපාලිකරුවන් මෙම සාහසික ආක්‍රමණයට විරෝධය පලකරමින් පාරට බැස තිබූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ අතර රුසියානු ටැංකි අද යුක්රේන අගනුවරට පහර දෙනු ඇති බවට නිලධාරීන් අනතුරු අඟවනවා.