ලෝකයේ තිරිඟු  වෙළඳාම  අවුල් ජාලයක

ලෝකයේ තිරිඟු වෙළඳාම අවුල් ජාලයක

රුසියානු යුක්‍රේන අර්බුදය හමුවේ ලෝකයේ තිරිගු වෙළෙදාම අර්බුද සහ ප්‍රවණතා රැසකට මුහුණ දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ලෝකයේ තිරිඟු අපනයනයෙන් හතරෙන් එකකට වඩා සිදුකරන්නේ රුසියාව සහ යුක්රේනයයි.

ලොව විශාලතම තිරිඟු අපනයනකරු වන රුසියාව ජාත්‍යන්තර අපනයනවලින් සියයට 18 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරන අතර ඊජිප්තුව, තුර්කිය සහ බංග්ලාදේශය ඔවුන්ගේ තිරිඟුවලින් අඩකට වඩා මිලදී ගනු ලබන බව සඳහන්.

ලොව විශාලතම තිරිඟු ආනයනය කරන්නා වන ඊජිප්තුවේ ආනයනික තිරිඟු ඉල්ලුමෙන් සියයට 70 කට වඩා රුසියාව හා යුක්‍රේනය විසින් ආවරණය කරන නමුත් අර්බුදය හමුවේ මෙම සියලු අගයන් වෙනස්වනු ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මේ අතර පවතින අර්බුදය තුළ සිය තිරිඟු අපනයනය පුලුල් කිරිමට ඉන්දියාව සූදානම් වන බව එරට වාර්තා අනාවරණය කරනවා.

ඉන්දියාව ලොව දෙවන විශාලතම තිරිඟු නිෂ්පාදකයා වුවත් ඉහළ දේශීය පරි‍භෝජනය හේතුවෙන් ඉන්දියාවේ තිරිගු අපනයනය ලෝක තිරිගු අපනයනයෙන් සියයට 1ක පමණ සීමාවේ පවතී.

මෙම තත්ත්වය වෙනස් කරමින් තිරිඟු අපනයනය සදහා ප්‍රමුඛත්වයදීමට ඉන්දියාව පසුගිය කාලසීමාවේ සිට විවිධ වැඩසටහන් දියත් කර තිබුණා.

නව ලෝක තත්ත්වය හමුවේ ඉන්දියාව සිය තිරිඟු අපනයන වැඩපිළිවෙළ තවදුරටත් පුලුල් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණය කරනවා.

Share This