විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද සිට (වීඩියෝ)
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ කටයුතු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (28) ආරම්භ කෙරුණා.
ඒ, එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදුනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් යන මහත්ම මහත්මීන්.
මෙම කමිටුව හමුවට අද (28) කැඳවා තිබුණේ පසුගිය යහපාලන රජයේ අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥන් පිරිසක්.