යුක්රේනයේ හර්සොන් නගරය රුසියාව අත්පත්කර ගනී

යුක්රේනයේ හර්සොන් නගරය රුසියාව අත්පත්කර ගනී

දකුණු යුක්‍රේනයේ ‘හර්සොන්’ (Kherson ) නගරය රුසියානුවන් අත්පත් කර ගත්බව එහි නගරාධිපති ඉහෝර් කොලිකිෆ් (Ihor Kolykhaiev) පවසනවා.

හර්සොන් නගරයේ නගරාධිපතිවරයා සිය නගර වැසියන් ගෙන් ඉල්ලා ඇත්තේ රුසියානු හමුදාවේ අණට අනුව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම සිය නගර වැසියන්ට හානි නො කරන ලෙසත් ඔහු රුසියානු හමුදාවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

හර්සොන් නගරයේ ලක්ෂ 3ට ආසන්න ජනගහනයක් වාසය කරනවා.

මෙම ප්‍රදේශයේ යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපොරීසියා න්‍යෂ්ටික බලාගාරය ද පිහිටුවා ඇති අතර මේ වන විටත් එම න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය සම්පූර්ණයෙන්ම රුසියානු හමුදාවන් විසින් වටකර ඇති බවයි වාර්තා වන්නේ.

Share This