සඳහිරුසෑයේ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය අද (වීඩියෝ)

සඳහිරුසෑයේ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය අද (වීඩියෝ)

අනුරාධපුර සඳහිරුසෑයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරයෙහි ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යමහෝත්සවය අද (05) සවස සිදු කිරීමට නියමිතයි.

ඒ ත්‍රෛයිනිකායික මහ නායක, අනුනායක මෙන්ම නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන්.

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට දඹුල්ල, කැකිරාව, මිහින්තලය ඔස්සේ එම ප්‍රතිමා වහන්සේ රැගත් රිය පෙරහැර අනුරාධපුරය වෙත ඊයේ (04) පස්වරුවේ වැඩම කරවනු ලැබුවා.

අද (05) පෙරවරුවේ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව සඳහිරුසෑ ස්ථූපය ඉදිරිපිට ඇති සලපතල මළුවේ ඉදිකරන ලද ආසන මත බුද්ධ ප්‍රතිමා වහන්සේ තැම්පත් කළා.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක‍ෂ මහතා පැමිණ බුදු මැදුර විවෘත කරමින් ආගමික වතාවත්වල නිරත වුණා.

අද (05) සවස මහනායක, අනුනායක ඇතුළු භික‍ෂුන් වහන්සේ 300 නමකගේ වැඩම කරවීමෙන් සහ ආරක‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා හා ආරක‍ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මල් සහ ගිලන්පස පූජාවක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

Share This