ශ්රීලනිපය ඉදිරියේ දී තනිව තරග කරන්න යෝජනාවක් (වීඩියෝ)
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව තරග නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හමුවේදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ.