නීතී විරෝධීව මුදල් ඉපයූ පුද්ගලයින් 1,100ක් ගැන විමර්ශන (වීඩියෝ)

නීතී විරෝධීව මුදල් ඉපයූ පුද්ගලයින් 1,100ක් ගැන විමර්ශන (වීඩියෝ)

නීතී විරෝධී ආකාරයෙන් මුදල් උපයන ලද පුද්ගලයින් 1,100ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඉන් පුද්ගලයින් 23 දෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

නීතීවිරෝධී වත්කම් සහ දේපළ පිළිබඳ විමර්ශන කොට්ඨාසය මඟින් මෙම විමර්ශන සිදුකරන බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එලෙස උපයාගත් රුපියල් කෝටි 78ක දේපළ මේ වන විටත් තහනම් කර ඇති බවයි.

මෙලෙස සිදුකරන විමර්ශන අතර මත්ද්‍රව්‍යවලට සම්බන්ධ විමර්ශන 325ක් සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

Share This