ගෑස් නොමැතිව ආපනශාලා සහ බේකරි කර්මාන්තය දැඩි අර්බුදයක (වීඩියෝ)
දිවයින පුරා යළිත් උත්ගතව ඇති ගැස් හිඟය හේතුවෙන් තවදුරටත් ගෑස් අලෙවිසැල් ආශ්‍රිතව දිගු පොලිම් දක්නට ලැබෙනවා.
එමෙන්ම තවත් ගෑස් අලෙවිසැල් ගණනාවකට දින කිහිපයකින් ගෑස් ලැබී තිබුණේ නැහැ.
එම ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි හෝටල් හිමිකරුවන් පවසන්නේ.
එසේම ගෑස් හිඟය හේතුවෙන් බේකරි කර්මාන්තයට ද දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, මේ වනවිට බේකරි 1000ක් පමණ වැසී ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ.
මේ අතර රට තුළ පවතින ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය සහ මිල ඉහළයාම් සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන බව පාරිභෝගික ආරක්ෂන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.