ෂේන් වෝන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද
හෘදයාබාධයකින් මියගිය ප්‍රවීන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (06) සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඉන් අනතුරව ෂේන් වෝන්ගේ දේහය ඕස්ට්‍රේලියාව වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.
හෘදයාබාධයකට ලක්වූ බව කියන ෂේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් සැකකටයුතු කිසිවක් නොමැති බවයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තායිලන්ත බලධාරීන් සඳහන් කළේ.
තායිලන්තයේ සංචාරක නිකේතනයක් තුළ මියගොස් සිටිය දී මෙම විශිෂ්ඨ ක්‍රීඩකයාගේ දේහය පසුගිය 04 වනදා සොයා ගැනුණා.
ලොව විශිෂ්ඨතම පා දඟ පන්දු යවන්නා වන ෂේන් වෝර්න්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
වසර 15ක් දඟපන්දුවෙන් ක්‍රිකට් ලොව සිය ආධිපත්‍ය පැතිරූ මෙම සුපිරි පා දඟ පන්දු යවන්නා මිය යනවිට 52 වන වියේ පසුවුණා.
ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට උරුමකම් කියන වෝන්, විස්ඩන් ජාත්‍යන්තර සඟරාව මඟින් සියවසේ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනා අතරට ද නම් කරනු ලැබුවා.