තවත් රුසියානු හමුදා ප්‍රධානියෙක් කාර්කිව් සටනේදී ජීවිතක්ෂයට
රුසියානු මේජර් ජෙනරාල්වරයෙකු වන විටාලි ජෙරසිමොව්, කාර්කිව් සටනේදී මිය ගිය බව යුක්රේනය පවසනවා.
යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ කාර්කිව් හි සඳුදා දින පැවති ගැටුම් අතර තුර මෙම රුසියානු මේජර් ජෙනරාල්වරයා මිය ගොස් ඇති බවයි.
තවත් රුසියානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් ද මෙම සටන්වල දී ජීවිතක්ෂය පත්ව ඇති බවයි යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියේ.
විටාලි ජෙරසිමොව් හමුදා නිලධාරියා රුසියානු 41 වන හමුදා බල ඇණියේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය සතියේ තවත් හමුදා ජෙනරාල්වරයෙකු වූ Andrei Sukhovetskyගේ මරණය තහවුරු කළා.